හුස්ම වැටෙන SFT

Sri Lankan Leading SFT Brand

Teacher
ගුරුවරයාද තාක්ෂණවේදී දිස්ත්‍රික් ප්‍රථමයෙක් වීම.

උසස්පෙළට තාක්ෂණවේදී විෂය ධාරාව හදාරා ඉන් දිස්ත්‍රික් ප්‍රථමයෙකු වී ලංකාවටම A සාමාර්ථ 3 ක් ලබාගත් හතරදෙනගෙන් එක් අයෙකුව ලංකාවේ හොදම තාක්ෂණවේදී පීඨයට ඇතුලත්ව Mechronic ඉංජිනේරු ගෞරවවේදි උපාධිය හිමිකරගත් සැබැ සුදුසුකම් ලත් ගුරුවරයකුගෙන් ඉගෙනීමට හැකිවීම.

ප්‍රථම පන්තියෙන්ම ඉතිහාසයේ හොදම Results

තාක්ෂණවේදය විෂය ධාරාවෙන් එක් වසරක් තුළ පන්තියක් වාර්තාකල දැවැන්තම ප්‍රතිඵල වාර්තාව බිහිකිරීම.

ලංකාවේ පලවෙනි 10න් 4ක්
දිස්ත්‍රික් ප්‍රථමයන් 5 ක්
ලංකාවේ සමස්ත A සාමාර්ථවලින් 20%ක්
ලංකාවේ හොදම පීඨයට 4/1ක් අපෙන්

2022 හා 2023 මුල් කණ්ඩායම් දෙකෙන්ම ලංකවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණයක් ( ලංකාවේ සමස්ත A වලින් 20%ක් ) වාර්තාකල ලංකාවේ එකම SFT පන්තිය වීම.

Physical හා Online යන පන්ති ද්ත්වයේම අසමසම ප්‍රතිඵල වාර්තා කිරීම.

Example : 2022 A/L වලින් පමණක් ,

Physical - ගම්පහ -1,2,5,7,9,10,11
Online - කොළඹ - 1,2,3,8,11,11

ගුරුවරයා SFT ග්‍රන්ථ කර්තෘවරයෙකු වීම.

SFT විෂය වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය වූ ප්‍රශ්නපත්‍ර ග්‍රන්ථය ඇතුළුව ග්‍රන්ථ 4 ක් සම්පාදනය කල ගුරුවරයකු වීම.

දැවැන්තම විභාග අත්දැකීම ලබාදීම.

ලංකාවේ දිස්ත්‍රික් 25න් 20ක් තුළදීම උසස් පෙළ විභාගයට සමාන විභාග අත්දැකීමක් ලබාදෙමින් District Rank, Island Rank ලබාදෙන ලංකාවේ එකම දීප ව්‍යාප්ත ප්‍රශ්න පන්තිය පැවැත්වීම හා පසුගිය වසර දෙකේම උසස්පෙළ ප්‍රශ්න පත්‍රයට ආසන්නම,නිවැරදිම අනුමානයන් සිදුකල ලංකාවේ හොදම අනුමාන ප්‍රශ්න පත්‍ර පන්තිය වීම.

Theory and Revision

Bio, Physics විතරක් නෙවෙයි විශය නිර්දේශයේ සෑම කොටසක්ම විභාගයට මාසයකට පෙර ආකර්ශණීය ඉගැන්වීම් රටාවකට අවසන් කිරීම.

Timing Paper

ප්‍රශ්ණ වලට පිලිතුරු ලිවීමේ වේගය හුරු කිරීම වෙනුවෙන් පලමු දින සිටම විභාගය දක්වාම සෑම දිනකම පැවැත්වෙන කෙටි ප්‍රශ්ණ පත්‍ර මාලාව

Speed Revision

ප්‍රතිඵල පැමිණි විගස ආරම්භ වන අසාර්ථක වූවන් විශිෂ්ඨයන් බවට පත්කරන හා පන්ති පැමිණෙන, නොපැමිණෙන සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි අධිවේගී Revision පන්තිය.

Final Paper Class

දිවයින පුරා දිස්ත්‍රික්ක 20+ හා online zoom තාක්ෂණය හරහා ලමුන්ට ප්‍රශ්ණ පත්‍ර ලිවීම හා සතියක් ඇතුලත ප්‍රශණ පත්‍ර සාකච්ඡාව පැවැත්වීම මගින් ලමුන්ව ප්‍රශ්ණ පත්‍ර ලිවීමට හුරු කිරීම.

Night Class

ලංකාවේ පලමුවරට රාත්‍රි 7 සිට පසුදා උදෑසන වනතෙක් පැවැත්වෙන දුර්වල සිසුන් පුහුණු කරවන විශේෂ වැඩසටහන.

සතිමතක

පෙර ඉගැන්වූ පාඩම් සතියකට වරක් නැවත මතක් කිරීම සදහා ලබාදෙන කෙටි නිබන්දන මාලාව.

Monthly Meeting

අධෛර්‍යමත් වූ සිසුන් ධෛර්‍යමත් කිරීම සදහා තාක්ෂණවේදයෙන් සාර්ථක වූ විශිෂ්ඨයන් සමග අධයාපන මෙන් බාහිර ගැටලු නිරාකරණයට පැවැත්වෙන විශේෂ වැඩසටහන.

ආකර්ෂණීය ඉගැන්වීම් රටාව

- සරල, ආකර්ෂණීය, සහ ඵලදායී ඉගෙනුම් අත්දැකීමක් -

How We Structure Our Classes

අපගේ අනන්‍ය ඉගැන්වීම් ක්‍රමවේදය තුළින් සංකීර්ණ විෂයන් සරල හා රසවත් ලෙස හදාරන්න. විනෝදජනක ක්‍රියාකාරකම් සහ සජීවී උදාහරණ භාවිතයෙන් විෂය කරුණු ගැඹුරින් අවබෝධ කරගන්න. විභාග සූදානම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, නිතර පුහුණුවීම් තුළින් ඔබේ දැනුම ඉහළ නංවන්න. ධනාත්මක පරිසරයක ඔබේ හැකියාවන් වර්ධනය කරගනිමින්, සාර්ථකත්වය කරා යන ගමනේ සෑම පියවරකදීම අපි ඔබ සමඟයි.

Learn More

ගුරුවරයා රචිත ග්‍රන්ථ

SFT විෂය වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය වූ ප්‍රශ්නපත්‍ර ග්‍රන්ථය ඇතුළුව ග්‍රන්ථ 4ක් ගුරුවරයා සම්පාදනය කර ඇත.

Book 1
Book 2
Book 3

විෂය බාහිර ක්‍රියා

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 🏏. | බක්මහ සැනකෙළිය 🌞. | Annual Trip 🏖 .

Gallery image 0

පන්තිය ගැන ළමයින්ගේ අත් අකුරින්

K.P.Amal Viduranga
AAA

Clz එකනම් කියන්නේ වචන නෑ සර්,online free clz පටන් ගත්තු දවසේ ඉදන් අන්තිම වෙනකන්ම සර්ගේ online clz එකට විතරක් ඇවිල්ලා තමයි මේ result එක දැම්මේ... SFT කෙලවෙලා ගොඩක් සර්ලගේ clz ගිහිල්ලා එකක්වත් සෙට් වෙලා තිබ්බේ නැති වෙලාවක තමයි සර්ගේ clz එක සෙට් උනේ... SFT එපාම වෙලා තිබ්බේ මුලින් සර් නිසා තමයි subject එකට ආස හිතිලා ගේම ගැහුවේ.... ජය ✌

P.G.G.S.H.Kumari
AAC

උපුල් සර් තරම් SFT වලට හොද සර් කෙනෙක් නැ. මන් ආසාවෙන්ම ආව ක්ලාස් එක මේක sft වලට කෙලවෙලාම හිටිය වෙලේ සර්ගෙගෙ උදව්ව නිසා මගෙ හැම හීනයක්ම හිතුවටත් වඩා හොදට ඉෂ්ඨ උනා . සර් නැත්නම් අද මන් මෙතන නෑ . සර් දවස ගානෙ අපිව දිරිගැන්වුවා. මන් මේ වෙනකන් තිබුන එක ක්ලාස් එකක්වත් එක පේපර් එකක්වත් miss කරගෙන නෑ . උපුල් සර් ගිහාන් සර් තරම් අපිට මොරාල් එකක් දුන්න කෙනෙක්නැති තරම් . සර් කීව හැමදෙයක්ම තවම හොදට මතකයි . අපි අමාරුවේ වැටිල හිටිය හැමවෙලේම සර් අපි එක්කම හිටිය තවමත් සර් අපිව අත අරින්නෙ නැතිව අපි එක්ක ඉන්නව වචන නෑ සර් කියන්න . සර් තරම් නිහතමානී කෙනෙක් මන් දැකල නෑ සර්ට ගොඩක් පිං සර් . සර්ට දළදා සමිදු පිහිටයි. සර්ට මීටත්වඩා හොදට හැම ලමයෙක්ගෙම නෙත් පාදන්න ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව.

H.D Sajini Madhushani
AAB

සර් නිසා තමා මේ රිසාල්ට් එක ලැබුනෙ.මම කලින් ගොඩක් sft වලට දුර්වලයි . 20 ගණන් මට තිබ්බෙ.සර්ගෙ ක්ලාස් එකට ඔන්ලයින් සම්බන්ධ වුණාට පස්සෙ මගෙ ලකුණු වැඩිඋනේ. සර්ගෙ physical ක්ලාස් එකට ආවට පස්සෙ ක්ලාස් එකේ තියෙන තරගෙත් එක්ක වැඩ කරන්න තවත් ආස හිතුනා. සර්ට ගොඩක් පින්.

A M I T B Adhikari
ABC

මම සර්ගේ ක්ලාස් එක දැක්කේ you tube එකෙන්. Free කරනවා කිව්වට මම විශ්වාස කරේ නෑ.මගෙ යාලුවෙක් තමා මාව එක්කන් ආවේ. පස්සේ මොකුත් වැඩක් ආසාවෙන් නොකරපු මම සර්ගේ වීඩියෝ බලලා සර් දුන්න උපදෙස් , සර් කිව්ව දේවල් නිසා මට උනන්දුව වැඩි උනා.මම ආසාවෙන් වැඩ ටික කරා.මම ඒ විදිහට වෙනස් උනේ සර් දුන්න motivation නිසා. මම රිසාල්ට් එක දැක්ක ගමන් මට මතක් උනේ සර්ව. සර් අයියා කෙනෙක් වගේ අපිත් එක්ක හිටියා.අනිත් විශයන් වලටත් වැඩ කරන්න ආස හිතුනේ සර්ගේ motivation නිසා. ගොඩක් ස්තූති සර්ට!!! 💖

M.R.Gayathri Kaushalya Madhushani
3rd Shy

මගේ පෙර පිනකට ද කොහෙද උපුල් සර්ව හම්බුනේ. මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් සර් ගැන දැන ගෙන පස්සේ youtube එකේ විඩියෝ එකක් බලලා තමා මං ක්ලාස් එකට ජොයින් උනේ.. ඇත්තටම කියන්න වචන නෑ සර් මේ කරපු උදව්වලට, මට මේ වගේ හොද රිසාල්ට් එක්ක ගන්න ලැබුනේ සර් හින්දම තමා.. ගොඩක් පින් සර් 🥺🖤 . අපිව මෙහෙම දිරිමත් කරලා අපිට හැමදේම සරලව හොදට පැහැදිලි කරලා කියලා දුන්නට. ඇත්තටම සර්ව හැබැහින් දැකලා නැති උනාට සර්ගේ ක්ලාස් එකේ live ඉන්නවා වගේ මට නම් ඇත්තටම දැනුනේ ඔන්ලයින් ක්ලාස් වල.. කවදාවත් physical ක්ලාස් ආපු කෙනෙක් නෙමෙයි මම, ඒත් ක්ලාස් එකක ඩෙස් එකක් උඩ ඉදගෙන ඉන්නවා වගේ zoom ක්ලාස් එකේ පැය ගනන් ඔහේ ඉදගෙන හිටියේ කාලය දන්නෙම නැතුව, මට බය නැතුව recommend කරන්න පුළුවන් SFT වලට හොදම ගුරුවරුවරයා සර් කියලා.. 🤟💪 🖤 තැන්ක් යූ සර් මේ කරපු හැම දේකටම, 🥺🖤

Sachini E.Bandara
BBB

කියන්න දෙයක් නෑ සර් මන් බයේ හිටියෙ sft ගැන සතුටුයි සර් ගොඩක් සතුටුයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගන ගන්න ලැබුන එක ගැන ❤ සර්ලගෙ ක්ලාස් ඇවිත් සර්ලා කියන විදිහට වැඩ කරලා අපි ගහන ගේම කාටවත් නවත්තන්න බැ සර් 🥺❤ සර්ලට ගොඩක් පිං 🎀

S M SACHIN THEMIYA
1st Shy

SFT නම් උපුල් සර් තමයි 💗 මාස 2 න් ගෙම ගහලා SFT C කරේ 💗 නැත්නම් F එන්නෙ සර් හම්බුනෙ නැත්නම් 🩷 , අදහස් නම් බොහොමයක් තියෙනවා සර් එක්ක , අලුත් අවුරුද්ද දවසේ මං කතා කරා ❤️🙂 ඔන්ලයින් ක්ලාස් එකේ , සර්ව හම්බෙලා කතා කරන්න ඔනි 😔💗 අනිවාර්යයෙන්ම මෙසෙජ් එකක් තියන්න

Frequently Asked Questions